ජවිපෙ සිතුවේ ප‍්‍රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා - ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

ජවිපෙ සිතුවේ ප‍්‍රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා - ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි - (video)

නතාවට ප්‍රධාන පක්ෂ එපා වී ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගනීවි යැයි ජවිපෙ සිතා සිටිය ද එසේ ජනතාව තෝරා නොගන්නා බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. මේ සමාජයේ සිටින හොඳම විප්ලවකාරයන්, හොඳම මිනිසුන් තමන් බවට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශ්වාස කරන නමුත් එය එසේ නොවන බව ද
ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝද කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.

එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කල යුතු බවත් වරද විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය.

ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad