අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙකුට ජීවිතය අහිමි වෙයි - තවත් 18 ක් රෝහලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙකුට ජීවිතය අහිමි වෙයි - තවත් 18 ක් රෝහලේ

හොරොව්පොතාන ප්‍රදේශයේ පැවැති අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතුරින් රෝගී වූ  කාන්තාවක් සහ  පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු  රෝහල්ගත කර ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.



මෙලෙස මියගොස් ඇත්තේ කළුතර මහවස්කඩුව ප්‍රදේශයේ පදිංචි දිනූෂා ද සිල්වා නමැති 39 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචි අත්තනායක මුදියන්සේලාගේ රණවක නමැති 78 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේවෙතත් මියගිය සහ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ පුද්ගලයින්ට මෙම වැඩසටහනේදී කිසිදු ඖෂධයක් හෝ කිසිදු ප‍්‍රතිකාරයක්  ලබානොදුන් බවත්,වැඩසටහන ආරම්භ වීමට පෙර ඔවුන්ගේ  රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බවත්  පොලීසිය සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ මෙම වැඩසටහන හොරොව්පොතාන මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (07) රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ 25000කට අධික රෝගීහු සංඛ්‍යාවක් පැමිණ ඇති බවයි වාර්තා වුනේ.

කෙසේ නමුත් මෙම ආධ්‍යාත්මික වැඩසටහන මෙහෙයවූ දීගොඩ කුමාර නමැත්තා සඳහන් කළේ වැඩසටහන අතරතුරදී කිසිඳු රෝගියෙකුට අනතුරක් සිදු නොවූ බවයි.

-nethnews

No comments:

Post a Comment

Post Bottom Ad