ජනපති ධුර කාලය ඇරඹෙන්නේ කවදාද.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ලේඛණ සූදානම්.. ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

ජනපති ධුර කාලය ඇරඹෙන්නේ කවදාද.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ලේඛණ සූදානම්.. ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි.

නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත.

පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර කාලය ආරම්භ වන්නේ 19 සංශෝධනයට කතානායක අත්සන් තැබූ 2015 මැයි 15 දාද යන ප‍්‍රශ්නයයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පිලිගතහොත් ජනාධිපතිවරණය කැඳවීම සිදුවනු ඇත්තේ 2020 මැයි මාසයේදීය.

කෙසේ වෙතත් විපක්‍ෂය විසින් මතු කරන තර්කයක් වන්නේ කතානායකවරයා 19 වන සංශෝධනයට අත්සන් තැබුවේ අද දිනයේ නම් ජනාධිපතිවරයාගේ ධුර කාලය අද සිට වසර 05ක් වන්නේද යන්නයි. එසේ වුවහොත් ජනාධිපතිවරයා වසර 09ක කාලයක් ධුරය දැරිය හැකිව තිබූ බවද ඔවුන්ගේ මතයයි.

No comments:

Post a Comment

Post Bottom Ad