එජාප-ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් පොහොට්ටුවට එක්වන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

එජාප-ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් පොහොට්ටුවට එක්වන්න යයි

ක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. දැනටමත් ඔවුන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද කී ඔහු එම සාකච්ඡාවක් බොහෝ දුරට සාර්ථක බවද කීවේය.

ඒ අනුව ඉදිරි දින කීපයේ දී ඔවුන් තම පෙරමුණ සමග එක් වනු ඇති බවත් මේ මොහොතේ ජනමතයට විරුද්ධ ඕනෑම අයෙකු තම කණ්ඩායම සමග එක්වන බවත් ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad