චම්පිකගේ ප්‍රතිපත්ති පක්ෂ ප්‍රතිපත්ති කරගන්න – එජාප ඇමතිවරු අගමැතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 2, 2019

චම්පිකගේ ප්‍රතිපත්ති පක්ෂ ප්‍රතිපත්ති කරගන්න – එජාප ඇමතිවරු අගමැතිගෙන් ඉල්ලයි

ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයට පත්කල “අනාගතයේ රට කරවන ප්‍රකාශනයේ” සඳහන් වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂය තුලින් ක්‍රියාත්මක කල යුතු බවට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ඉදිරිපත් කර ඇති කරුණු රටේ අනාගතයට බෙහෙවින්ම හේතුවන බැවින් එය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී ඇතැයි සදහන් වනවා.

එක්සත් ජාතික පක්ෂය සදහා වෙනමම ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා වෙනුවට පාඨලී චම්පික ඇමතිවරයා ඉදිරිපත් කල “අනාගතයේ රට කරවන ප්‍රකාශය”ට අනුව ක්‍රියාකරන ලෙසටට ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

දයාසිලී ලියනගේ
උපුටා ගැනීම – ඉරිදා ලංකාදීප පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad