රනිල්ගෙන් සජිත්ට මාරක උගුලක්.. ඇල්පිටිය මැතිවරණය පූර්ණ මෙහෙයවන්න බාර දෙයි.. දිනා පෙන්නුවොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ස්ථිරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 2, 2019

රනිල්ගෙන් සජිත්ට මාරක උගුලක්.. ඇල්පිටිය මැතිවරණය පූර්ණ මෙහෙයවන්න බාර දෙයි.. දිනා පෙන්නුවොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ස්ථිරයි

ල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙයෙවීමේ කටයුත්ත එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට පක්ෂ නායකත්වය විසින් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

දිගින් දිගටම ජනාධිපති අපේක්ෂකයා සිටින සජිත් ප්‍රේමදාස මහතාට එම මැතිවරණය මෙහෙයවා ඇල්පිටිය ප‍්‍රාදේහීය සභාව ජය ගැනීමට හැකි වුවහොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සලකා බැලීමටද නායකත්වය අදහස් කරන බව සමීප ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පැවැති පැවරීමට බොහෝ ඉඩකඩ ඇති බව සදහන්ය.

එහි ජයග්‍රහණයක් ලබා ගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad