කරු ටූ ලේට්. රනිල් වෙලාවට සජිත්ට තැන ලබාදෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

කරු ටූ ලේට්. රනිල් වෙලාවට සජිත්ට තැන ලබාදෙයි

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා ගහන ගේම කොයි පැත්තෙන් හෝ ගහන බව මාතලේ නගරාධිපති (එ.ජා.ප.) ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි. නගරාධිපති නිල කාර්යාලයේදී 03දා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඩල්ජිත් අලුවිහාරේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂකත්වය ලබානොදීම එක්සත් ජාතික පක්‍ෂය දියවී යෑමට හේතුවන බවද නගරාධිපතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රෝයල් කොලීජියෙන් ඉගෙනුම ලැබූ අයෙකි. කරු ජයසූරිය මහතා 80 විය ඉක්මවූ පරිණත දේශපාලනඥයෙක්. කථානායක කරුට ටූ ලේට්. රනිල් වික්‍රමසිංහ මහතා කලබල වෙන කෙනෙක් නොවෙයි. වෙලාවට සජිත් ප්‍රේමදාස මහතාට තැන ලබාදෙයි.

සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක් වුවහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ තැනක් ලබාදෙනවා. සජිත්ට එක්සත් ජාතික පක්‍ෂයේ තැනක් නොලැබුණහොත් ඉතිහාසයේ නොවූ අන්දමට පක්‍ෂය දියවෙලා යයි යනුවෙන් නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජන විඥානය හඳුනන නායකයකු නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්නා බවට සැකයක් නැති බවද නගරාධිපතිවරයා පැවැසීය. “වටේ ඉන්න හැමෝම කියන දේ අහන්න තරම් අගමැතිවරයා සූදානම් නැහැ. සජිත් යන තැනට අපි යනවා. ගේම කොහොම හරි ගහනවා”යි නගරාධිපතිවරයා පැවැසීය.

හේවා පී. කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad