කොරෝනා මෘතදේහ භූමදාන කරන ප‍්‍රදේශය නිල වශයෙන් හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

කොරෝනා මෘතදේහ භූමදාන කරන ප‍්‍රදේශය නිල වශයෙන් හෙලි කරයි

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉරණතිවු ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන තිබේ.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් මෙම ප්‍රදේශය කොරෝනා මෘතදේහ භූමදානය සඳහා තෝරා ගෙන ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කුඩා භූමි ප‍්‍රදේශයක් සහිත දූපතක් වන ඉරණතිවු ජනතාව බොන්නෙ ළිං ජලය බවත් කොළඹ ජනතාව බොන්නේ නල ජලය බවත් එවන් තත්ත්වයකදී කොරෝනා වෘත දේහ එම දූපතේ භූමදානය කිරීම සාධාරණ දැයි මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවේ අවධානය යොමු කරවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad