පොහොට්ටුව එපා.. සජිත් පිල, ශ‍්‍රීලනිප, ජවිපෙ, හෙල උරුමය එක් කර නව සන්ධානයක්.. පෙරමුණේ රාල චන්ද‍්‍රිකා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

පොහොට්ටුව එපා.. සජිත් පිල, ශ‍්‍රීලනිප, ජවිපෙ, හෙල උරුමය එක් කර නව සන්ධානයක්.. පෙරමුණේ රාල චන්ද‍්‍රිකා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත නොවී නව සන්ධානයක් පිහිටුවීමට අදාළ යෝජනාවක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් පක්ෂයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීන්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය පමණක් නොව එ.ජා.පයේ හා පොහොට්ටුවේ මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ද එයට ලබාගත හැකි යැයි චන්ද්‍රිකා මැතිනිය කළ යෝජනාවේ සඳහන්ය. සිවිල් සංවිධාන රැසක් ද එක්කර ගැනීම මෙහි ඊළඟ අරමුණ බව ප්‍රකාශිතය.

එසේ සකස් කරන සන්ධානය සුදුසු ජනාධිපති අපේක්ෂකයකුට සහාය දීමටත් අගමැති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා ගැනීමත් මෙම යෝජනාවේ දෙවැනි පියවර බව සඳහන්ය. එ.ජා.පයේ පවත්නා බල අරගලය හේතුවෙන් සජිත් පිල වෙනම තරගයකට සූදානම් වන්නේ නම් ඔවුන් නිසැකවම මෙම සන්ධාන යෝජනාවට එකඟ වනු ඇතැයි හිටපු ජනාධිපතිනිය විශ්වාසය පළ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙතෙක් අදාළ යෝජනාවට පූර්ණ එකඟත්වය පළ කර නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී.ල.නි.පයේ සමිති සංවිධාන ශක්තිමත් කරන ලෙසයි. එසේම පසුගියදා පක්ෂ සම්මේලනයේ දී ඔහු කීවේ තමන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැනටමත් අරඹා ඇති බවයි.

– deshaya

No comments:

Post a Comment

Post Bottom Ad