ගෝටා සමග ලොව දිනූ අසමසම මුරලි වියත්මග වේදිකාවේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

ගෝටා සමග ලොව දිනූ අසමසම මුරලි වියත්මග වේදිකාවේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් වියත්මග සමුළුව සමග මේ වන විට එක්ව සිටී.

අද පස්වරුවේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත වියත්මග මහ සමුළුවට පෙරාතුව පැවැත්වෙන තරුණ සමුළුවට මුරලිදරන් මෙසේ එක්ව ඇත.

‘වියත්මග’ සංවිධානය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්නයෙන් ක‍්‍රියාත්මක වෙයි.

මෙම සමුළුව සදහා සහභාගී නොවන ලෙස මුරලිදරන්ට විවිධ ආකාරයේ බලපෑම් එල්ල වී ඇති බව නොනිල ආරංචි වාර්තා කරයි.

ලොව එක්දින හා ටෙස්ට් තරගවලදී වැඩිම කඩුළු ලාභියා ලෙස මුරලිදරන් ලෝක වාර්තා සතු කරගෙන සිටින අතර ඒ අසටලවත් කිසිම ක‍්‍රිඩකයෙකු මෙතක් ලං වී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad