‘එජාපය අතහරින්න අපට බෑ..’ වෙනම ඉල්ලන්න යන සජිත් පිලට විරෝධය පා පළුවක් රනිල් ලගට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

‘එජාපය අතහරින්න අපට බෑ..’ වෙනම ඉල්ලන්න යන සජිත් පිලට විරෝධය පා පළුවක් රනිල් ලගට

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් තරඟ වදින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ සිටි මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම සිය ස්ථාවරය වෙනස් කර ඇති බව වාර්තාවෙයි.

වික්‍රමසිංහ මහතාට හිතවාදී ප්‍රබල ඇමතිවරයකු විසින් මෙහෙයවන වෙබ් අඩවියක සඳහන් කර ඇත්තේ ඊයේ පස්වරුවේ හා අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන බවට මුණගැසී සහ දුරකථනයෙන් අමතා පවසා ඇති බවයි.

වෙනම පක්‍ෂයකින් ජනාධිපතිවරණයට පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරවීමට එම කණ්ඩායමේ සූදානමක් ඇතත් එජාපය දෙකඩ කරන කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවද එම පිරිස් සදහන් කර ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම තත්ත්වය මත දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවාදී පාර්ශවය ක්‍රමයෙන් අඩුවෙමින් යන බවද වැඩි දුරටත් සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad