ජනාධිපතිවරණයට පෙර ලබන මස 11 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන හෙයින් අනෙක් සියල්ල පසෙක තබා පක්ෂයේ සම්පූර්ණ ශක්තිය එය ජයග්‍රහණය කරවීම සඳහා යෙදවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අවධාරණය කර තිබේ.
තනි පළාත් පාලන ආයතනයක මැතිවරණ ප්‍රතිඵලයකින් සමස්ත ජනාධිපතිවරණයක් පිළිබඳ අනාවැකි කීමට නොහැකි වුවත් මෙම මැතිවරණයෙන් එජාපය දැඩි පසුබෑමකට ලක්වුවහොත් එය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපාන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
එහෙයින් කණ්ඩායම් වශයෙන් බෙදී තවමත් ප්‍රකාශයට පත්වී හෝ නොමැති ජනාධිපතිවරණයක් ගැන වාද විවාද කරගන්නවා වෙනුවට පක්ෂයක් ලෙස එකට එකමුතුවී අත ළඟ තිබෙන ඇල්පිටිය මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සියල්ලන්ම කැපවිය යුතු බව ඒ මහතා අවධාරණය කර ඇත.
ඒ අනුව තැන් තැන්වල රැස්වීම් තබමින් පක්ෂය අසමගි කරවීම නොව පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් එක්ව, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඉතිරි වී ඇති මාසයක කාලය නිශ්චිත දින වශයෙන් වෙන්කරගෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගෙන් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
මෙම මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවන මෙන් අග්‍රාමාත්‍යවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබුණ ද සජිත් පාර්ශ්වය ඊට කිසිදු සැලකිල්ලක් නොදක්වා ඔවුන්ගේ කණ්ඩායම ශක්තිමත් කරගැනීම පමණක් කෙරෙහි අවධානය යොමුකර තිබුණු අතර අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාට ම ඊට මැදිහත් වීමට සිදුව තිබේ.
Sunday, September 8, 2019
ජනාධිපතිවරණයට කලින් ඇල්පිටියේ ඡන්දය දිනවන්න වැඩ කරන්න - රනිල්ගෙන් අවවාදයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment