‘ගෝටාභය ජනපති-සජිත් අගමැති අලුත් ආණ්ඩුවක් : මහින්ද-රනිල් එකවර ඉවත් කරන්න සජිත් පිල සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 28, 2019

‘ගෝටාභය ජනපති-සජිත් අගමැති අලුත් ආණ්ඩුවක් : මහින්ද-රනිල් එකවර ඉවත් කරන්න සජිත් පිල සූදානම්

එක්සත් ජාතික පක්ෂය නැවතත් දේශපාලනයේ දෙපයින් සිටුවීමට නම් ‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් වහා දේශපාලන පිටියට පිවිසිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ සාකච්ඡා වෙමින් තිබේ.

රාජ්‍ය නායකයා ජනාධිපති ධූරය මේ වන විට ප්‍රති පාර්ශව විසින් වසර 05ක කාලයක් සදහා ජයග්‍රහණය කර තිබෙන තත්ත්වයක් තුළදී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් කෙටි කාල සීමාවකදී නැවත නැගිටුවීමට අපහසු නිසා මෙම උපාය මාර්ගයට අනුගත විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී මැතිවරණය තෙක් වන කාලසීමාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේදන ඉදිරිපත් නොනර ඔහු හා ගැටුමකට නොයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමති මණ්ඩලය දැඩිව විවේචනය කළ යුතු බව තීන්දු කර ඇත.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේම සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලාපොරොත්තු ඇති කළ හැකි බව ද ඔවුන්ගේ මතය වී ඇත.

ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් විපක්ෂ නායක ධූරය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක තනතුර සම්බන්ධයෙන් වන ගැටුම අවසන් කර වහ වහා දේශපාලන පිටියට පිවිසිය ඉදිරි මැතිවණය වෙනුවෙන් කටයුතු කල යුතු බව ඔවුන් කොළඹදී පැවති සාකච්ඡාවක දී තීන්දු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad