ජනපති ගෝඨාභය සිස්ටම් වෙනස් කිරීම අරඹයි - සියළු ප්‍රධානී තනතුරු සඳහා අයදුම්පත්‍ර කැදවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 27, 2019

ජනපති ගෝඨාභය සිස්ටම් වෙනස් කිරීම අරඹයි - සියළු ප්‍රධානී තනතුරු සඳහා අයදුම්පත්‍ර කැදවයි !

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් පුරවැසියන්ගෙන් අභිලාෂ සහ ඉල්ලුම් පත්‍ර කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීයවේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තිබේ.

මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එසේ යොමුකරන අභාලාෂ පත්‍රිකා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සලකා බැලීමෙන් පසුව පත්කිරීම් සිදුකීරිමට නියමිතව තිබේ.

මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශයන්ගේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අභාලාෂ කැඳවීම් ඉදිරිපත් කළ හැකි බව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ දැන්වීමේ සඳහන් වෙයි.

මින්පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා සංස්ථා මණ්ඩල සියල්ල පත් කළේ දේශපාලකයන්ගේ කැමැත්තට අනුව දේශපාලන පත් කිරීම් ලෙසය. මෙලෙසට සුදුසුකම් සහිත පුද්ගලයන් සළකා බලා රජයේ ආයතන ප්‍රධානීන් පත් කරන්නේ ප්‍රථම වරටය.


No comments:

Post a Comment

Post Bottom Ad