සජිත්ගේ නිහඩ බව නිසා උසි ගැන්වූ පොඩ්ඩන් සජිත් ගැන කනස්සල්ලෙන් - හැංගිමුත්තන් ‌සෙල්ලම එපා ‌වෙලාලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 27, 2019

සජිත්ගේ නිහඩ බව නිසා උසි ගැන්වූ පොඩ්ඩන් සජිත් ගැන කනස්සල්ලෙන් - හැංගිමුත්තන් ‌සෙල්ලම එපා ‌වෙලාලු

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සක්‍රීය ‌දේශපාලනය ‌නොකොට හුදකලාව සිටීම සම්බන්ධයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි කැළඹීමට පත්ව සිටින බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එක්වතාවක් පාක්ෂිකයන් හමුවීම සදහා පමණක් ‌වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයට පැමිණි ‌ප්‍රේමදාස මහතා ‌වෙනත් කිසිදු අවස්ථාවකදී ‌දේශපාලන කටයුතු සදහා එළියට ‌නෙැපැමිණීම එම මන්ත්‍රී කණ්ඩායමේ දැඩි ‌‌දෝෂදර්ශනයට ලක්ව තිබේ.

අවම වශයෙන් රනිල් වික්‍රමසිිංහ මහතා හා කරු ජයසූරිය යන මහත්වරුන් සමග ‌යොදාගෙන තිබූ සාකච්ජාව පවා ‌ප්‍රේමදාස මහතා මගහැරීම ඔවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

පසුගිය සති අන්තයේ ‌ප්‍රේමදාස මහතා යාල වනය තුළට වී කල්ගත කර තිබූ බවද දැනගන්නට තිබිණ.

නමුත් තත්වය එසේ තිබියදී සජිත් ප්‍රේමදාස  විටක ප්‍රකාශ කර තිබුනේ මෙවර තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසු පෙලේ දැඩි ඉල්ලීම මත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad