ස්විස් තානාපති කාර්යාල නිලධාරිණිය පැහැරගැනීම : එහෙම වුණා නම් කණගාටුදායකයි - අගමැති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 28, 2019

ස්විස් තානාපති කාර්යාල නිලධාරිණිය පැහැරගැනීම : එහෙම වුණා නම් කණගාටුදායකයි - අගමැති

ස්විස් තානාපති කාර්යාලයේ  නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදුව ඇත්නම් එය ඇත්ත වශයෙන්ම කණගාටුදායක සිදුවීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පෙරේදා දිනයේදී ස්විස් තානාපතිවරයා තමන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් ඊයේ (28) සවස 02.00 වනවිටත් ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබුණු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

"ඇත්ත වශයෙන්ම කණගාටුදායක සිද්ධියක් ඒ සිද්ධිය වුණා නම් ඒ විදියට. අද 02.00 වෙනකලුත් ඔවුන් කට උත්තරයක් දීලා තිබුණෙ නෑ, පොලීසියෙ පැමිණිල්ලක් දාලා නැහැ. ඉතිං අපි ඒ අවට තියෙන සීසීටීවී කැමරා පරීක්ෂා කරලා වාර්තාවක් දෙන්න කියලා තියෙනවා, මොකද ඊයේ මම මුණගැහුණා තානාපතිතුමාත්, සහායකයෙකුත්, ඒවගේම පොලිස්පතිතුමාත්, සීඅයිඩී එක භාර ඩීඅයිජී, එතකොට ... ඩිරෙක්ටර් ඒ තුන්දෙනා ගෙන්නලා මේ ගැන සාකච්ඡා කළා.

සාකච්ඡා කරලා කිව්වා පුළුවන් තරම් ඉක්මනින් ඒ ගැන කරුණු හොයන්න කියලා, මොකද උදේ කට උත්තරේ දීලා තිබුණෙ නෑ හවස පැමිණිල්ලත් තාම නෑ. මම කිව්වා පැමිණිල්ල නැතිවුණත් පරීක්ෂණ පවත්වාගෙන යන්න කියලා.

ජනාධිපතිතුමා ඉන්දියාට යන්න ලෑස්ති වෙනකොට දෙමළ නාම පුවරු ගලවාගෙන ගිහිල්ලා තිබුණා තුන් පොළක හතර පොළක විතර. ඉතිං ඒවයි මේකත් එක්ක සම්බන්ධයක් තියෙනවාද කියලත් බලනවා" යනුවෙන් මේ මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මෙම පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad