සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කෑවා යයි තිස්ස - මලික් එලිපිට වලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 27, 2019

සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කෑවා යයි තිස්ස - මලික් එලිපිට වලි

පසුගිය ජනාධිපතිවරනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුදල් සොරකම් කළේ යැයි එම කණ්ඩායම තුළ බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ප්‍රබලයන් දෙදෙනෙකු වන මලික් සමරවික්‍රම සහ තිස්ස අත්තනායක යන දෙදෙනාම එකිනෙකාට ප්‍රසිද්ධියේ චෝදනා කරගනිමින් සිටිති.

මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එම අරමුදල් අවභාවිතා කළ ඇති බව තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.

නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සමරවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ මෙම සියලු අරමුදල් වොක්ෂෝල් වීදියේ ජනාධිපතිවරණ ප්‍රචාරක මූලස්ථානයට ලබාදුන් බවත් තමන් කිසිදු අවස්ථාවක එම ස්ථානයට නොගිය බවත්ය.

අදාල මුදල් භාරව සිටියේ තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් ද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad