ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ප්‍රශ්න කළ බව කියන සිද්දිය සම්බන්දයෙන් විමර්ශන CIDයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 27, 2019

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ප්‍රශ්න කළ බව කියන සිද්දිය සම්බන්දයෙන් විමර්ශන CIDයට


ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රඳවා ගෙන ප්‍රශ්න කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ, අදාළ සිද්ධිය පිළිබඳ කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ලක් රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි.

තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස නාඳුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයෙන් පෙන්වා දී තිබුණි.

එය, සිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයට සහ එහි සේවකයින්ට එල්ල කළ බරපතළ හා පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස ස්විට්සර්ලන්තය සළකන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

සිය තානාපති කාර්යාල නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි ද ඔවුන් එම නිවේදනයෙන් ඉල්ලීමක් කර තිබුණි.

වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි සිය අපේක්ෂාව බව ද එහි සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad