බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාල අත් පත්‍රිකා පරිගණකයක් ආධාරයෙන් සකස් කර මුද්‍රණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මුද්‍රණය කරන ලද පිටපත් ගණනාවක් සැකකාර තරුණයන් දෙදෙනා විසින් බෙදා හැර ඇති බවත්, බෙදා හැර තිබූ අත් පත්‍රිකා කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
අදාල අත් පත්‍රිකා මුද්‍රණය කල පරිගණක, උපාංග සහ දුරකථන ඇමතුමු මධ්‍යස්ථානයේ හිමිකරුවද සැක පිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැක කරුවන් තිදෙනා අවුරුදු විස්සත් හතලියත් අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැක කරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.
– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:
Post a Comment