පුද්ගලයින් 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

පුද්ගලයින් 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි



පුද්ගලයින් 100 දෙනෙකු රැගත් කසකස්ථාන ගුවන් යානයක් එරට අල්මටි නගරයට කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි.

මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට කසකස්ථාන බලධාරීන් තහවුරු කර ඇතත් දිවි ගලවාගත් කිසිවෙකුත් පිළිබඳව ද මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත.

යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී ඇත.

අල්මටි ගුවන්තොටුපොළ බලධාරීන් පවසන්නේ, අනතුර සිදු වන ඇවස්ථාවේ යානයේ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු සිට ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad