රාජිත සේනාරත්නගේ දෙවන ඇප අයදුම්පත් කැඳවීම ලබන 30 වැනිදා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

රාජිත සේනාරත්නගේ දෙවන ඇප අයදුම්පත් කැඳවීම ලබන 30 වැනිදා


 රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප ඉල්ලා දෙවන වරටත් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් ලබන 30 වැනිදා කැඳවීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(23) එම ඇප ඉල්ලීම සිදුකළ අතර ඒ පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පසු එය යළි කැදවීමටයි අධිකරණය නියම කර ඇති බව වාර්තා වෙයි.

සුදුවෑන් රථ යොදාගෙන පුද්ගලයන් පැහැරගත් බවට චෝදනා කරමින් ජනාධිපතිවරණයට පෙර පැවති මාධ්‍ය හමුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනිමේ සූදානමක් පවතින බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

තමා අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාවකට ද යන්න පිළිබදව දක්වා නොමැතිවීම හේතුවෙන් පළමු අවස්ථාවේදී අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.

පසුව යළි අපේක්ෂිත ඇප අයදුම්පත් පත්‍රයක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ වෙනත් ලේඛන ද සම්බන්ධ කරමින් අද සංශෝධිත ඇප අයදුම් පත්‍රයක් යොමුකර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad