රහස් පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුවෙන් තීරණයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

රහස් පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුවෙන් තීරණයක්

හස් පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙතෙක් රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රවි සෙනවිරත්න මහතා මේ මස තුළදී විශ‍්‍රාම යෑමෙන් පසු අපක්‍ෂපාතී සුදුසු නිලධාරියකු එම ධුරයට පත්කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය පාලන සමයේ රහස් පොලිසියේ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් රැුසක් ද පළිගැනීම්වලට ලක් වී ඇති බවට රජයට පැමිණිලි ලැබී ඇත.

ගත වූ කාලය තුළ හිටපු ආරක්‍ෂක ලේකම් ඇතුළු ආරක්‍ෂක අංශවලට එරෙහිව ගොනු වූ නඩු ගැන මහජනතාවගෙන් ලත් පැමිණිලි ගැන රහස් පොලිස් නිලධාරීන් ක‍්‍රියාකර නැතැයි ද වාර්තා වී තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට සතියකට පෙර තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් රහස් පොලිස් මූලස්ථානයට කැඳවා ඇති බව ද හෙළි වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad