මහින්ද විපක්‍ෂ නායක කර අලුත් අගමැති කෙනෙක් ආණ්ඩුවක් පත් කරන්න එජාපය සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

මහින්ද විපක්‍ෂ නායක කර අලුත් අගමැති කෙනෙක් ආණ්ඩුවක් පත් කරන්න එජාපය සූදානම්

බන ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළ පසු එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මේ වනවිටද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ඔහු කියා සිටියේය.

ඒ අනුව ඕනෑම මොහොතක අගමැති පත් කර කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමේ හැකියාව ද තම පක්ෂයට ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයට තම පක්ෂය ඉලක්ක කර හිංසා කිරීම් දිගටම සිදු කළහොත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවේ තම බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු සදහන් කලේය.

ඉන් පසු නැවතත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරනු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad