සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !

ටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වල යෙදීම සිදු කරයි.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.
නත්තල යනු කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය යි. ‍මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යනනමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල පිළිබඳ ව ශුද්ධ වූබයිබලයේ ලූක් සහ මතෙව් යන කතුවරුන් ලියා ඇත. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට දාව සුරැකි පියා වන ජුසේ තුමාගේ රැකවරණය මැද ඉපදුණු බව එහි සඳහන් වේ.

නත්තල් දිනය අද ලොව පුරා රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස සැලකේ. ලොව පළමුවරට නිල වශයෙන් නත්තල් උත්සවයක් පවත්වන ලද්දේ ඇමරිකාවේ ඇල්බාමා නගරයේය. ඒ 1836 වසරේදීය. නත්තල් දිනය   රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් වූයේ 1870 වසරේදීය. ඒද ඇමෙරිකාවේදීය. 1907 වසරේ ඇමෙරිකාවේ ඔක්ලාමා නගරය නත්තල් දිනය නීතිමය වශයෙන් නිවාඩුවක් බවට පත් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad