ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් ජාත්‍යන්තරය නොසලකා ඉන්නේ නෑ - සම්පන්තන්ගෙන් අනතුරු ඇඟවීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් ජාත්‍යන්තරය නොසලකා ඉන්නේ නෑ - සම්පන්තන්ගෙන් අනතුරු ඇඟවීමක්

ණ්ඩුව විසින් දේශපාලන පළිගැනීම් සිදු කරනු ලැබුවහොත්  ජාත්‍යන්තරය විසින් එය කිසිසේත් නොසලකා හැර නොසිටිනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉකුත් (20දා) ඉන්දියාවට යෑමට පෙර දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වා ඇති සම්පන්දන් මහතා මෙසේද කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගල වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද පළිගැනීම් සිදුනොකළ යුතුයි. වත්මන් ආණ්ඩුව  එලෙස ක්‍රියා කරයි නම් ජාත්‍යන්තරයද ඊට ප්‍රතිචාර නොදක්වා සිටින්නේ නැහැ. එසේ සිදුවුවහොත් එහි ප්‍රතිවිපාකවලට වත්මන් ආණ්ඩුවට මුහුණදීමට සිදු වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව නව මාවතක ගමන් කළ යුතුව තිබෙනවා. රටේ සංහිඳියාව ස්ථාපිත කරනු ලබන ආකාරයෙන් ඔවුන් කටයුතු කළ යුතුයි. ඔහු ඇතුළු කණ්ඩායම ජාතික ගැටලුවට විසඳුමක් ලබාගත හැකි ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි.

එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදුවූ සිදුවීම්වල ආකාරයට වත්මන් ජනාධිපතිවරයාත් කටයුතු නොකළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ පුද්ගලයන්ගෙන් හෝ රාජපක්ෂ පවුල විවේචනය කළ පුද්ගලයන්ගෙන් හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ සිදුවූ දූෂණ, වංචා, මිනීමැරීම් පිළිබඳව හෙළිදරව් කළ පුද්ගලයන්ගෙන් වත්මන් ආණ්ඩුව පළිගැනීම සිදු නොකළ යුතුය. එසේ පළිගැනීම් සිදුකළහොත් ජාත්‍යන්තරය නිකම් සිටින්නේ නැහැ.

ලක්ෂ්මී ජයකොඩි


No comments:

Post a Comment

Post Bottom Ad