නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී

නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවේ.

එසේම පාස්කු ප්‍රහාරයේදී හානියට පත් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය ජේ.ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

මීට අමතරව සියලුම දේවස්ථානවලද මධ්‍යම රාත්‍රී දේවමෙහෙයන් පැවැත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad