හම්බන්තොට වරාය හැකිනම් ලංකා රජයට ගෙන පෙන්වන්න..- අකිල අභියෝග කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

හම්බන්තොට වරාය හැකිනම් ලංකා රජයට ගෙන පෙන්වන්න..- අකිල අභියෝග කරයි..

තම රජය සමයේ චීනය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ගිවිසුම්ගත වූ හම්බන්තොට වරාය හැකි නම් ශ්‍රී ලංකා රජයට නැවත ලබාගෙන පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අභියෝග කරයි.

ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේදී පැවසූ පරිදි මෙම කටයුත්ත කර පෙන්වන්නැයිද ඔහු කියා සිටියේය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 වැඩසටහනට එක්වෙමිනි.

ජනාධිපතිවරයා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඉන්දියාවේදී කරන ලද ප‍්‍රකාශයට සහමුලින්ම වෙනස් අදහසක් මෑතදකී චීවය සමග පවසා ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.
එම අදහස් දැක්වු වීඩියෝව මෙතැනින්
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad