අර්ජුන් මහේන්ද‍්‍රන් කුදලං එන්න සියළු ලිපි කටයුතු අවසන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 25, 2019

අර්ජුන් මහේන්ද‍්‍රන් කුදලං එන්න සියළු ලිපි කටයුතු අවසන් !

දර්පන නීතිය යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන ඒම සඳහා වත්මන් රජය අවශ්‍ය සියලූ කටයුතු කරගෙන යනබව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය ලබාදුන් තොරතුරු දැන් සිංගප්පූරුව පරිශීලනය කරමින් සිටින බවද ඒ අනුව ඔවුන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට භාරදීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙන බවද ඇමැති පේ‍්‍රමජයන්ත කියා සිටියේය.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියලූ තොරතුරු සිංගප්පූරු රජයට ලබාදී ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.

බැඳුම්කර වංචාව හා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නව රජය අලූතින් විමර්ශන ආරම්භ කරන බවට බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා පසුගිය ජනාධිපතිවරණයට පෙර සිදුකර තිබූ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නව රජය අලූතින් විමර්ශන පටන් ගත් බවද සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට එවීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාරය ලැබුණු විට බැඳුම්කරය සම්බන්ධ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙන බවත්ය.

අර්ජුන මහෙන්ද්‍රන් මෙරටට එවීමට සිංගප්පූරුව තීන්දුවක් ගතහොත් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට හැකි වන බවත් එසේම මෙම වංචා චෝදනා එල්ල වී ඇති මහ මොළකරුවන් සම්බන්ධයෙන් ද කි‍්‍රයා කළ යුතුව ඇති බවත් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා මහතා කියා සිටියේය.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට එවීමට සිංගප්පූරුව තීන්දුවක් නොගත්තත් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ තිබෙන ප‍්‍රතිපාදන අනුව විත්තිකරු නොමැතිව නඩුව විභාග කළ හැකි බවද රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා තවදුරටත් කීවේය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad