හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අපේක්ෂිත ඇප අයදුම්පතක් අගෝස්තු 19 වනදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලා සිටි අතර එය අගෝස්තු 20 වනදින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් යළි සලකා බලා ප්‍රතික්ෂේප කල අතර හිටපු ඇමති රාජිත නැවත යළිත් එදින ඇප අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් රටින් පලාගොස් ඇති බව මේ වන විට රහස් පොලිසිය මගින් හෙළි කරගෙන ඇත.
සුදුවෑන් රියදුරන් රහස් පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ව වේශනිරූපනය කිරීමේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම දක්වා සියලු කටයුතු කරන ලද්දේ මාධ්‍ය ලේකම් එම්.අයි.ජේ. විජේනායක (මලිත්) විසින් බවයි.
ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වද්දී හෙළිව ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇති බවයි.
ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව රහස් පොලීසිය සදහන් කරයි. එම නිසා ඔහු මේ වන විට පළාගොස් ඇති රට පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් විසින් මලිත් විජේනායක මහතාගේ නිවස කිහිපවිටක් පරික්ෂා කොට ඇති අතර විජේනායක මහතාගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කොට ඇත.
මොහු රාජිත සේනාරත්න මහතාට එරෙහි ප්‍රබල සාක්ෂි කරුවෙකු බැවින් ඔහුව කෙසේ හෝ අත්අඩංගුවට ගතයුතු බවට ඉහලින් උපදෙස් ලැබී තිබේ.
මීට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් UN General Assembly සදහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට යන අතරතුර කටාර් ගුවන් තොටුපලේදී තම පවුලේ ඥාතින් ඇතුළු හිත මිතුරන් රැගෙන යන ඡායාරූප මාධ්‍යයට නිකුත් කල චෝදනා ඇතුළු මාධ්‍ය හරහා විවිධ දේශපාලඥයන් පිළිබද හෙළිදරව් කල නිසා ඔහුට විවිධ චෝදනා එල්ල වූ මාධ්‍යවේදියෙකි.
2015 ට පෙර පැවැති තත්ත්වයට රට යළි පත්වෙමින් ඇත. රාජපක්ෂ රජයට විරුද්ධ වන පුද්ගලයන් මෙන්ම මාධ්‍යවේදීන් මර්ධනය කිරීමේ කටයුතු රහස් පොලිසියට හා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පවරා තිබේ.
Monday, December 23, 2019
හිටපු ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් CID මර්ධන හමුවේ රටින් පැනයයි
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment