180 දෙනෙක් රැගත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් කඩා වැටෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

180 දෙනෙක් රැගත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් කඩා වැටෙයි


 යුක්‍රේනයට අයත්  මගීන් 180 දෙනෙක් රැගත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබෙනවා.

අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියා.

යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති අතර පසුව අනතුරට පත්ව ඇති බවට සොයා ගැණුණි.

ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකින් අනතුරුව මෙම අනතුර සිදුවිය.

කෙසේ නමුත් අනතුර සහ ඉරාක-අමෙරිකානු මතභේදය අතර සබඳතාවක් තිබේද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad