"පැයක් දැම්මත් ඇති - ආණ්ඩුවම බේරෙනවා"- අධිකරණයට ගෑවුනු රන්ජන්ගේ තවත් හඬපටයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

"පැයක් දැම්මත් ඇති - ආණ්ඩුවම බේරෙනවා"- අධිකරණයට ගෑවුනු රන්ජන්ගේ තවත් හඬපටයක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අධිකරණ ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදුන් බව කියන දුරකතන ඇමතුමක හඬපටයක් ද මේ වනවිට නිකුත් වී තිබෙනවා. එහි සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධවයි.

එහිදී ""ආණ්ඩුවම බේරගන්න පුළුවන් ඔබ තුමාට. කියන තැනකට වඳින්නම්.. ඕන උදව්වක් කරන්නම්. පුළුවන්නම්..කවුරුත් නෑ නේද ඔතන.. පුළුවන් නම් දවසක් හරි පැය ගාණක් හරි...පැයක් හරි දැම්මත් ඇති. පුළුවන්ද?"" යනුවෙන් ද ප්‍රකාශ කෙරෙනවා.

මේ අතර හිටපු මහාධිකරණ විනිසුරු පත්මිණි එන්. රණවක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු පාර්ශ්ව සමග පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිදුකළ බව කියන දුරකතන සංවාද කිහිපයක් ඉකුත් දින කිහිපයේ අනාවරණ වුණා.

හිටපු මහාධිකරණ විනිසුරු පත්මිණි එන්. රණවකට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඊයේ දිනයේ පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad