ශ‍්‍රී ලන්කන් වතුර මිලට ගන්නේ ඩබායි සමාගමකින්.. යෝගට් කෝප්පයක් තරම් එක් වතුර කෝප්පයක් ඩොලර් 7.80යි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 6, 2020

ශ‍්‍රී ලන්කන් වතුර මිලට ගන්නේ ඩබායි සමාගමකින්.. යෝගට් කෝප්පයක් තරම් එක් වතුර කෝප්පයක් ඩොලර් 7.80යි..

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත් හිටුවයි.

මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකිනි. මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03 ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම මිලදි ගනු ලබයි. ඒ එකක් ඩොලර් 7.80 කටය. වසරකට දෙවරක් මෙම වතුර සහික ප්ලාස්ටික් කප් මිලියන 03 ක් ශ්‍රි ලංකන් ගුවන් සමාගම මිලට ගනියි.

නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිතා නොකීරීමට ද තීරණය කර තිබේ. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදි ගෙන ගුවන් මගීන්ට ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකන් සමාගමේ මිල දී ගැනීම් වල දි දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා උපදෙස් දී තිබිණි.

– ප්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad