රන්ජන් සභාගත කල හඬපට සගවන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මකයි - මහින්දගේ හඬපටවලට ලොකු ප‍්‍රසිද්ධියක් දිය යුතුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

රන්ජන් සභාගත කල හඬපට සගවන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මකයි - මහින්දගේ හඬපටවලට ලොකු ප‍්‍රසිද්ධියක් දිය යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ ප්‍රබලයන් කලබල වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රන්ජන් ගේ හඬ පට වලින් දේශාපලන වාසි ගන්නට උත්සාහ කළ ආණ්ඩුවේ ලොක්කන් දැන් එන තත්වය නරක බව අවබෝධ වී තමන්ගේ හඬ පට එළියට ඒම වළක්වා ගැනීමට ලොකු මෙහෙයුමක නිරත වී සිටින බව ද ඔහු පැවසීය.

ඔහු බව සඳහන් කළේ අනුරාධපුරයේ ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රාමනායක මන්ත්‍රීවරයා සතුව මහින්ද රාජපක්ෂ මහතාගේ හඬ පට අටක් ඇති බව කී බවත් ඒවාද මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින පිරිස් දැන් දැන් තමන්ගේ හඬ පට එළියට ඒම වළක්වා ගැනීමට මෙහෙයුමක් සිදු කරන බවද පැවසූ ඔහු රාමනායක මන්ත්‍රීවරයා විසින් තමන්ගේ සියලු හඬ පට්ට පාර්ලිමේන්තුවේ සභාගත කිරීම හොඳ දෙයක් බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad