රංජන්ගේ හඬ පටවලින් නීතිය නැමුව හැටි පේනවා-නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 6, 2020

රංජන්ගේ හඬ පටවලින් නීතිය නැමුව හැටි පේනවා-නාමල්

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් රජය කිසියම් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට දී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රංජන් රාමනායක මහතාගේ හඬ පටවලින් ඔවුන් නීතිය නැමු ආකාරය මනාව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

FCID ප්‍රධානියා විසින්ද මෙවැනි ක්‍රියා පිළිබඳ ප්‍රසිද්ධියේ මාධ්‍යයට හෙළි කළ බවත් පැවසු ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් ද නීතිය නැමු ආකාරය පිළිබඳ පැවසු බවත් කියා සිටියේය.

අරලියගහ මන්දිරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හා එක්සත් ජාතික පක්ෂ නායකයින් නීතිය නැමු ආකාරය හෙළි වු බවත් පැවසු නාමල් රාජපක්ෂ මහතා, අද වන විට එවැනි කිසිදු බලපෑමක් නැතැයි ද පැවසීය.

අධිකරණ නියෝගයක් මත කථානායකවරයා පවා දැනුවත් කර රංජන් රාමනායක මහතාගේ නිවස සෝදිසි කළ බවත් එම අවස්ථාවේ දී ඒ මහතා සජීවි වීඩියෝවක් මුහුණුපොත තුළින් ප්‍රචාරය කර තමාගේ ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇතැයි ඒ මහතාම පවසමින් ජනතාව නොමඟ ඇරීමට උත්සහ කළ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව කළ ආකාරයට මාධ්‍ය සංදර්ශන දැමීමට තම ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නොමැති බවත්, රංජන් රාමනායක මහතාගේ හඬ පට තුළ තමාගේ කට වැඩි යැයි පවසමින් “නාමල්වත් ඇතුළට දාපන්“ යනුවෙන් ඇති බවත් මෙය එජාපයේ ක්‍රමවේදයක් බවත් ඒ මහතා පැවසීය.

 

No comments:

Post a Comment

Post Bottom Ad