පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා.
ඒ, ඔහු විසින් සිදුකළ බව කියන දුරකතන සංවාද ඇතුළත් හඬපට අනාවරණවීමත් සමගයි.
දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා පැවසුවේ. ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
නීති අංශයේ නිලධාරියෙකු අමතා කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු විමසුව ද එහි ගැටලූවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා පැවසුවේ.
2016 වසරේ මාදිවෙල මන්තී‍්‍ර නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අතර සිදුවන දුරකතන සංවාදයක් ද ඊයේ අනාවරණ වුණා.
Tuesday, January 7, 2020
රන්ජන් ගැන තීරණයක් ගැනීමට එජාපයෙන් සූදානමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment