ජනාධිපති රාජපක්‌ෂ මහතා සිය ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (රාජාසන කතාව) සිදු කිරීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන විට සියලුම මැති ඇමැතිවරුන් වෙත දැත් එක කොට ආචාර කළේය.
ඊට ප්‍රතිචාර දක්‌වමින් බොහෝ මැති ඇමැතිවරු පෙරළා ප්‍රතිචාර දක්‌වද්දී විපක්‌ෂයේ ඉදිරි පෙළ අසුනක සිටි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමණක් සිය දැත් පිටුපසට කර ගනිමින් නැඟී සිටින ආකාරය පමණක් දක්‌නට විය.
මේ වනවිට ඇප ලබා සිටින විපක්‌ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන දොස්‌තර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද ඊයේ (03 දා) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
– divaina


No comments:
Post a Comment