බදියුදීන් ලෝකයේම නම රන්දයි.. ජාවාරම් ගැන පරීක්‍ෂණ අරඹයි.. ඉඩම් ඔප්පු 227ක් මාට්ටුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

බදියුදීන් ලෝකයේම නම රන්දයි.. ජාවාරම් ගැන පරීක්‍ෂණ අරඹයි.. ඉඩම් ඔප්පු 227ක් මාට්ටුයි

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් ඇමරිකානු FBI විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

හිටපු ඇමතිවරයාගේ ඇමරිකානු ගිණුමකට ඩොලර් ලක්‍ෂයක් බැරවීම ගැන එම පරීක්‍ෂණ අරඹා ඇති බවද ඔහු පැවසීය.

එම මුදල් ගිණුමට බැර වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට බවත් ඇමතිවරයා කියා සිටියේ සිය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සෝදිසියකදී හිටපු ඇමතිවරයා සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ පිහිටි නිවසක් පරීක්ෂාකර අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු පිටපත් 227ක් ඇතුළු තවත් ලියකියවිලි තොගයක්ද සොයා ගත්තේ යයි ඇමතිවරයා තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad