සිරිසේන හිටපු ජනපති පාස්කු බෝම්බ කමිටුවට බොරු සාක්‍ෂි දුන් බව හෙලිවෙයි.. ප‍්‍රහාරය දැනගෙන රටින් පැනලා.. මිනී මැරුම් චෝදනා ගොනු කරන්නැයි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

සිරිසේන හිටපු ජනපති පාස්කු බෝම්බ කමිටුවට බොරු සාක්‍ෂි දුන් බව හෙලිවෙයි.. ප‍්‍රහාරය දැනගෙන රටින් පැනලා.. මිනී මැරුම් චෝදනා ගොනු කරන්නැයි කියයි

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලදපාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් සාක්ෂි අසත්‍ය බව මේ වෙනවිට ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
අදාළ සිදුවීම වූ දිනයේ තමනට සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නොහැකි වූයේ ගුවන් යානා වල ආසන නොමැතිවීම නිසා යැයි හිටපු ජනාධිපතිවරයා විසින් තේරීම් කාරක සභාව හමුවේ පවසා ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් එදින සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන් යානාවල ආසන හිස්ව තිබූ අයුරු මේ වන විට පරීක්ෂණ මඟින් හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවයරයා ප්‍රහාරය වේලාසන දැන සිට එය මග හැරීමට රටින් පලා ගිය බවටද දැන් හෙළි වී ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

අදාළ ඝාතන මිනීමැරුම් සේ සලකා හිටපු ජනාධිපතිවරයාට දඬුවම් පැමිණවිය යුතු බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad