කොරෝනා ලෝක ජනගහනයෙන් 60%කට වැලදෙනු ඇතැයි පුරෝකතන කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 13, 2020

කොරෝනා ලෝක ජනගහනයෙන් 60%කට වැලදෙනු ඇතැයි පුරෝකතන කෙරේ !

COVID – 19 වෛරසය පාලනයට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අසාර්ථක වුවහොත් ලෝක ජනගහනයෙන් සියයට හැටකට වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව හොංකොං වෛද්‍ය ප්‍රධානියා අනතුරු අගවයි.

වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු ලන්ඩන් නුවරින් ද හමුව ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ආසාධිතයින්ගේ සංඛ්‍යාව නවයක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය වූවෙකු ඉන්දුනීසියාවේ බාලි දූපතෙන් හමුවීමත් සමග ලෝක සංචාරක ක්ෂේත්‍රයට එල්ලවී ඇත්තේ දැඩි අවදානම් සහගත තත්ත්වයකි.

හොංකොං හා මැකාවු හි සිටින තම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් වහාම ඉවත්කර ඒ වෙනුවට වෙනත් පිරිසක් පත් කිරීම සදහා චීනය පියවර ගෙන ඇත.

එමෙන්ම වූහාන් පළාතේ කොමියුනිස්ට් පක්ෂ නායකයා ද එම තනතුරෙන් ඉවත් කිරීමට චීනය ක්‍රියා කළ බව වාර්තා ෙවයි. එම පළාතේ නිරෝධායන කටයුතු තවමත් සිදුකෙරෙමින් පවතියි. මේ සදහා පළාත් රැසකින්ම සෞඛ්‍ය නිලධාරීන් වූහාන් පළාතට කැදවා ඇත.

වෛරසය පැතිරයාම පාලනය සදහා යෙන් බිලියන තුනකට අධික මුදලක් වෙන් කිරීමට ජපාන කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

චීනයේ මතුව ඇති මෙම තත්ත්වය හමුවේ වසර දහයකට පසු ජාත්‍යන්තර වෙළෙදපොලේ බොරතෙල් මිල පහතගොස් ඇත.

වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට රැගෙන ආ තිස්තුන් දෙනා නිරෝධායන කටයුතුවලින් පසු මේ සතිඅන්තයේ දී නිවෙස් බලා පිටත්කර හැරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියාසිටියි.

වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයින් අට දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. එහෙත් මේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැත.

– itnnews


No comments:

Post a Comment

Post Bottom Ad