බිම නොහදුනන වියතුන් ඉදිරි මැතිවරණයට නෑ - නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

බිම නොහදුනන වියතුන් ඉදිරි මැතිවරණයට නෑ - නාමල්

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වියත්මග සාමාජිකයන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් අතර කිසිදු ගැටුමක් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේ දී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ ජේ්‍ය්ෂ්ඨයන් විසින් කමිටුවක් හරහා ජනතාවට ඡන්දය දිය හැකි ඊට සුදුසු පිරිසක් ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු පැවසීය.
වියතුන් මෙන්ම බිම හදුනන මිනිසුන් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

බිම් මට්ටම නොහඳුනන අය ගැන කතාකර වැඩක් නැති බවත් ඔහු පැවසීය.

එනිසා වියතුන් සහ බුද්ධිමතුන්ගේ සංකලනයක් ඉදිරි මැතිවරණයේදී පක්ෂයක් ලෙස ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad