ගෝටාභය 2/3ක් ගන්නවා..- මංගල එජාප කෘත්‍යාධිකාරියේදී කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

ගෝටාභය 2/3ක් ගන්නවා..- මංගල එජාප කෘත්‍යාධිකාරියේදී කියයි

දිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානය ඉදිරිපත් වන ලකුණ ගැටුමක් ඇතිකරගෙන බෙදීමක් ඇති වන්නේ නම් එය පවතින ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ස්ථිරවම හිමිවන අවස්ථාවක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ.
ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ කුමන ලකුණින්දැයි ඡන්ද විමසීමක් සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

එහිදී මංගල සමරවීර මහතා පවසා ඇත්තේ ලකුණ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුනොකරන ලෙසත් එවැනි ඡන්ද විමසීමක් සිදු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවන අවස්ථාව එය වනු ඇති බවත්ය.

ඡන්ද විමසීමේ ඉල්ලීම කරන අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම කණ්ඩායම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවෙන් ඉවත්ව ගොස් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad