සජිත් හිරවෙන ගැටයක් රනිල් තද කරයි.. අලියා වෙනස් කරන්න සූදානම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

සජිත් හිරවෙන ගැටයක් රනිල් තද කරයි.. අලියා වෙනස් කරන්න සූදානම් !

ක්සත් ජාතික පක්ෂ ප‍්‍රධානත්වයෙන් බිහිවන නව සන්ධානය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ රාත්‍රිය සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

එහිදී වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ එම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක් වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් මැතිවරණ ලකුණක් යොදා ගැනීමට හැකියාවක් ඇති බවයි.
රාජපක්ෂ විරෝධී පුළුල් පෙරමුණක් ලෙස නව සන්ධානයක් ගොඩ නැගුවහොත් ඊට ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වන්නේ නම් අනිවාර්යයෙන්ම වෙනස් ලකුණක්ද යොදාගැනීමට ද සිදුවන බව ඔහු පෙන්වා දී ඇත.

එසේ නොමැතිව අලියා ලකුණ අතහැර වෙනත් ලකුණක් යොදා ගැනීම කිසිදු තේරුමක් නැතැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

දැනට සන්ධානයට එක්ව සිටින පිරිස 2015 වසරේදී ද එක්ව සිටි බවත් එහිදී ඔවුන් අලියා ලකුණින් තරඟ වැදුණු බවත් ඒ අයුරින්ම මෙවරද තරග වැදිය හැකි බවත් පක්ෂ නායකයා පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad