සංගක්කාරට ලන්ඩන් ගිහින් පොල් සම්බෝල හදන්න වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

සංගක්කාරට ලන්ඩන් ගිහින් පොල් සම්බෝල හදන්න වෙලා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් ලන්ඩනයේ සිට පොල් සම්බෝල සාදන ආකාරයක් සිය නිල ‘ට්විටර්’ ගිණුමට එක් කර තිබුණා.

ලන්ඩනයේ වෙසෙන තම මිතුරන් කිහිපදෙනකුට සංග්‍රහ කිරීම වෙනුවෙන් සංගක්කාර මෙලෙස ‘පොල් සම්බෝල’ සෑදු බවයි සඳහන් වන්නේ.

එහිදී ‘මිරිස් ගලක්’ උපයෝගී කර ගනිමින් සංගක්කාර පොල් සම්බෝල සාදන ආකාරය දක්වා තිබීම සිත්ගන්නාසුලු සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

එහි සටහනක් තබමින් සංගක්කාර පවසා තිබුණේ ලන්ඩනයේ තම මිතුරන්ට සංග්‍රහ කිරීම වෙනුවෙන් තමන් රසවත් ආහාරයක් පිළියෙල කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad