දෙමල සන්ධානට දෙකඩයි.. විග්නේශ්වරන්ගේ නව සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 9, 2020

දෙමල සන්ධානට දෙකඩයි.. විග්නේශ්වරන්ගේ නව සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

තුරු පලාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ දෙමල ජනතා ජාතික සන්ධානය (09) යාපනයේදී නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුනු අතර ඒ සඳහා පක්ෂ තුනක් සන්ධානගත වී තිබුණි.
ඒ අනුව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේම චන්ද්‍රන් මහතා, එස්.ශ්‍රීකාන්තන් නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය හා හිටපු උතුරු පලාත් සභා මන්ත්‍රීණියක් වූ ආනන්දි ශෂිධරන් නායකත්වය දැරූ දෙමළ ඊලාම් ස්වාධීන සංවිධානය මෙසේ හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය සමග එක් වී මෙසේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා පවසා සිටියේ ,

‘විවිධ බාධාවලට පස්සේ අපි අද දිනයේදි නව සන්ධානයක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා මේ සම්බන්ධයෙන් අපි අතරේ විවිධ මත තිබුණා නමුත් ඒ සියල්ල සාකච්ඡා වලට පසුව නිරාකරනය කරගන්න පුලුවන් වුනා ඊට පස්සෙ තමයි අපි මේ එකතු වෙලා තියෙන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් තමයි අපි මේ තීරණ අරන් තියෙන්නෙ .. යනුවෙනි.

ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව සී.වී.විග්නේශවරන්ගේ සන්ධානය දැඩි බලපෑමක් එල්ල කිරීමට මූලක අරමුණ වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad