පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබේ.
අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින අතර ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය ලබන 18 සහ 19 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.
ඊයේ පැවති පක්ෂ නායක රැස්විමේ දී අදාළ විවාදයන් පැවැත්වෙන කාලසීමාව පිළිබඳව එකඟතාවන් ඇති කරගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීට අමතරව රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසී යෝජනාව සම්බන්ධයෙන් ද ලබන 20 වන දින පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාව පල කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ කල් තැබිමේ විවාදය ද එදිනම පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
මේ අතර එයාර් බස් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ලබන 19 වන දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.
ඊට අමතරව එදිනම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Wednesday, February 12, 2020
රන්ජන්ගේ හඬපට නිකුත් කිරීම තවදුරටත් කල්යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment