වෙලේ සුදාට බූස්ස බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ස්තාන මාරුවක් - විශේෂ ආරක්ෂාවකුත් දීල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 9, 2020

වෙලේ සුදාට බූස්ස බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ස්තාන මාරුවක් - විශේෂ ආරක්ෂාවකුත් දීල

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටි වෙලේ සුදා සතියක කාලයක් සඳහා විශේෂ ආරක්ෂාවක් යටතේ වැලිකඩ බන්ධනාගාරයට මාරුකර තිබෙනවා.

ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නඩු කටයුත්තකට අදාළව නීතිඥයන් සහ ඔහුගේ නිවසින් කරන ලද ඉල්ලීමක් පරිදි සතියක කාලයකට වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා සඳහන් කළා.

වෙලේ සුදා රඳවා සිටින බූස්ස බන්ධනාගාර මැදිරියේ ජංගම දුරකථන කීපයක් තිබියදී බන්ධනාගාර නිලධාරීන් පසුගියදා සොයා ගනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad