ජනාධිපතිවරණයෙන් පසු ගතවූ කාලසීමාවේදී මහ මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස තම කණ්ඩායම වටේ යවා අවසානයේ බෙල්ලටම හිරකල බවද ඔහු කෝපයෙන් යුතුව පවසා ඇත.
දැන් සිදුව ඇත්තේ අලියා අතහැරීමට නොහැකි වීම නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඉදිරියේ දණ නැමීමට බවද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ද පරාජය වගකීම පවරා මීළඟ එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර නායකත්වයට සමු දෙනු ඇතැයිද ඔහු සඳහන් කර ඇතැයිද සදහන්ය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් පිලට අත් වූ තත්වයෙන් දැඩි කලකිරීමෙන් යුතුව ඔහු අදහස් පල කර තිබෙන බව තව දුරටත් දැක්වෙයි.


No comments:
Post a Comment