එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඊයේ (11) මෙම ඉල්ලීම කර තිබේ.
ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාපය යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.
සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.
එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.
එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.
– lankadeepa


No comments:
Post a Comment