රන්ජන් පාර්ලිමේන්තුවට දීපුවගෙ තියෙන්නෙ කුණුහරුපලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

රන්ජන් පාර්ලිමේන්තුවට දීපුවගෙ තියෙන්නෙ කුණුහරුපලු

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබූ හඩපට පහ ලබන සතියේ දී මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ හඬපටවල අසභ්‍ය හා ජාතික ආරක්ෂාවට හානිකර කොටස් ඉවත් කර ඒවා මැතිසබයට ඉදිරිපත් කළ හැකි බවට ඒ හඬපට පරික්ෂාවට පත් කෙරුණු මන්ත්‍රී කමිටුව කතානායක කරු ජයසූරිය මහතාට දැනටමත් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් සඳහන් කළා.

මන්ත්‍රී කමිටුවේ සාමාජිකයන් පෙරේදා (09) කතානායක කාර්යාලයේ දී මේ හඬපටවලට පැය දෙකකට වැඩි කාලයක් සවන්දී ඇතැයි වාර්තා වනවා.

මේ හඬ පට පහේ දුරකතන සංවාද 19ක් අන්තර්ගත වන බවත් ඒවායේ වැඩි වශයෙන් අඩංගු වී තිබුණේ “කුණුහරුප” බවත් හඬපට පරීක්ෂා කෙරුණු කමිටුවේ මන්ත්‍රීවරයෙක් කියා සිටියා.මේ හඬපට සංස්කරණය නොකර ඉදිරිපත් කළහොත් පවුල් අවුල් පවා ඇති විය හැකි බව ද ඔහු කියා සිටියා.

රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඬපට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට ඉකුත්දා බාරදෙනු ලැබුවා.

ඒඅනුව පාර්ලිමේන්තු පක්ෂ නායකයන් රැස්වී ගත් තීරණයක් අනුව හඬපට පරීක්ෂා කිරීමට මෙම මන්ත්‍රී කමිටුව පත් කෙරුණා.මෙම මන්ත්‍රී කමිටුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, මහනුවර දිස්ත්‍රික් එජනිස පාරිලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad