ශ‍්‍රී ලංකාවේ න්‍යාෂ්ටික බලාගාරයක් හදන්න සූදානම් බව රුසියාව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

ශ‍්‍රී ලංකාවේ න්‍යාෂ්ටික බලාගාරයක් හදන්න සූදානම් බව රුසියාව කියයි

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යූරි මැටේරි සඳහා කරයි.

ශ්‍රී ලංකාව තුළ වැඩි වෙන බලශක්ති ඉල්ලුම හේතුවෙන් මෙම හැකියාව ඇති වී තිබෙන බවද ඔහු පවසයි.
රුසියානු වෙබ් අඩවියත් සමග අදහස් පළ කරමින් කොළඹ සිටින රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

පරිසර දූෂණයෙන් තොර බලශක්තියට ශ්‍රී ලංකා රජය කැමැත්තක් දක්වන බවත් දැවි තෙල්, ගල් අඟුරු, ගෑස් භාවිතයෙන් විකල්ප බලශක්ති ප්‍රභවයන්ට යොමුවීමට ශ්‍රී ලංකාවක් අවධානය යොමු කර ඇති බවත් තානාපතිවරයා සදහන් කරයි.

එනිසා දිගුකාලීන ක්‍රමයක් ලෙස න්‍යෂ්ටික බල ශක්තිය භාවිතා කිරීමට හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

දැනටමත් ඒ සඳහා උත්සාහයක් ආරම්භ කර ඇතැයි ද ඔහු තවදුරටත් පවසා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad